Like us in facebook

Tuesday, September 13, 2011

තුන්වැනි ටෙස්ට් තරගය ජය ගැනීම අපේ අරමුණයි - තිලකරත්න ඩිල්ෂාන්


පළමු ටෙස්ට් තරගයේ දී මෙන්ම, දෙවැනි ටෙස්ට් තරගයේ දීත් පළමු ඉනිමේ සිදුවූ පිති හරඹ දුර්වලතා මග හරවා එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 350 ට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තරගය ජය ගනිමින් ටෙස්ට් තරගාවලිය සමව නිමාවට පත්කර ගැනීම තම අරමුණ බැව් ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළේය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ ජය පරාජයෙන් තොරව නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඩිල්ෂාන් මේ බව සඳහන් කළේය. “පිතිකරුවන් 7 දෙනකු හා පන්දු යවන්නන් 4 දෙනකු සමඟ ඊළඟ තරගයට මුහුණදීමට අපි බලාපොරොත්තු වෙනවා. තුන්වැනි ටෙස්ට් තරගය ජය ගැනීමට හැකිවුවහොත් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් 2013 ලෝක ටෙස්ට් සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අපිට තවම තිබෙනවා” ඩිල්ෂාන් වැඩිදුරටත් පැවැසීය.
“දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අපිට පුලුවන් වීම ගැන සතුටට පත්වෙනවා” ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Total Pageviews