Like us in facebook

Wednesday, September 21, 2011

පළපුරුදු පන්දු යවන්නන් සිටියානම් තරගය දිනන්න තිබුණා - ඩිල්ෂාන්


ශතකයක් රැස්කළ නායක මයිකල් ක්ලාක් ඊයේ උදේවරුවේ වේලාසනින් දවාගැනීමට තිබූ අවස්ථාව මගහැරීයාමෙන් ඔස්ට්‍රේලියානුවන් දෙවැනි ඉනිමට විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කළ බවත්, එමගින් තරගයේ ජය අත්කර ගැනීමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළේය. ජය පරාජයෙන් තොරව ඊයේ නිමාවට පත්වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායකයා එසේ සඳහන් කළේය.
“දිනයේ ඉතිරි ඕවර 17ක් සහ අතිරේක ඕවර ප්‍රමාණයත් එක්ක ඔක්කොම ඕවර තිස් ගණනක්. ඒ ඕවර ප්‍රමාණය ඇතුළත ලකුණු 300 කට වඩා තිබුණු ඉලක්කයක් හඹා යාම කිසිසේත්ම කරන්න බැහැ” ඔහු පැවැසීය. ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ඉක්මනින් අවසන් කිරීමට තරම් අත්දැකීම් බහුල පන්දු යවන්නන් නොමැතිවීම ද තරගයේ ජයග්‍රහණය ගිලිහීයාමට බලපෑ කරුණක් වූ බව ඩිල්ෂාන් සඳහන් කළේය.
“මුරලි - වාස් වැනි පරිණත පන්දු යවන්නන්ගෙන් පස්සේ අපිට පළපුරුදු පන්දු යවන්නෝ හිටියේ නැහැ. දැන් ඉන්න පන්දු යවන්නන් හැමෝම තරග ස්වල්ප ප්‍රමාණයකට පමණක් ක්‍රීඩා කළ අයයි. ඔවුන්ට තව තරග ලබාදී අත්දැකීම් වැඩි කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි අපිට ටෙස්ට් තරගයක් දිනන්න පුලුවන් වෙන්නේ. ඒ වනතුරු ඉවසන්න වෙනවා” ඔහු පැවැසීය.  “දඟපන්දු යවන්නකු ලෙස රංගන හේරත් ඊයේ ඉතා හොඳින් පන්දු යැව්වා. අනාගතයේදී ඔහු අපට හොඳ තරග දිනාදෙන පන්දු යවන්නෙකු වේවි” ඩිල්ෂාන් පැවැසීය.

No comments:

Post a Comment

Total Pageviews