Like us in facebook
Tuesday, August 30, 2011
පන්දුවට පහර දෙන ආකාරය මත අපේ සාර්ථකත්වය රැෙඳනවා - තිලකරත්න ඩිල්ෂාන්
Friday, August 26, 2011
මැද පෙළ පණ නැති ක්‍රිකට් කණ්‌ඩායමේ අනාගතය අඳුරුය!
ඔස්‌ටේ්‍රලියානුවන් පහසුවෙන් පරාජය කරමින් එක්‌දින තරගාවලි ජයග්‍රහණය සහ අන්තර්ජාතික එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව මග හැරී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය බව ඔස්‌ටේ්‍රලියානු පරාජය හමුවේ පැහැදිලිව පෙනෙන කරුණකි. එබැවින් ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් සහ මාවන් එක හෙළා ප්‍රකාශ කර සිටියේ, ''අවු( 19 න් පහළ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු හෝ කණ්‌ඩායමට ගෙනල්ල ඉදිරිය වෙනුවෙන් ලක ලැහැස්‌ති වීමට දැන් කාලය ඇවිල්ල තියෙනවා. අපේ මැද පෙළ දිගින් දිගටම දුර්වලයි. මෙවැනි මැද පෙළක් සමග තරග දිනන්න අමාරුයි.'' යනුවෙනි.
දෙරට අතර පැවැති සමස්‌ත එක්‌දින තරගවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 45 දෙනෙක් දැවී රැස් කර ඇත්තේ ලකුණු 1030 ක් වන අතර ඔස්‌ටේ්‍රලියාව පිතිකරුවන් 30 ක් දැවී රැස් කර ඇත්තේ ලකුණු 955 කි. ශ්‍රී ලංකාවට හුරු පුරුදු තණතීරුවල ශ්‍රී ලංකාවේ කඩුල්ලක් දැවීයාමේ ප්‍රතිශතතය ලකුණු 22.88 ක් වැනි පහළ අගයක් ගනිද්දී ඔස්‌ටේ්‍රලියානුවන්ගේ කඩුල්ලක් දැවී යාමේ සම්භාවිතාව ලකුණු 31.83 ක් වැනි අගයක් පැවතීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලත්වය මැනවින් පිළිඹිඹු වේ. ශ්‍රී ලංකාවේ අදාළ පරාජය පිතිකරුවෝ උගසට තැබූ පරාජයක් ලෙසද හැදින්විය හැකිය. සමස්‌ත තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් බහුතරයක් අවශ්‍යම මොහොතේදී දැවී ගියේ බාලාංශ පිතිහරඹවල නිරත වීමට ගොසිනි. තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යම වූ සිව්වැනි තරගයේදීS සංගක්‌කාර, මැතිව්ස්, චාමර සිල්වා දැවී ගියා නොව කඩුලු පූජා කළා වැනිය. සමස්‌ත තරගාවලියේදී සියලුම පිතිකරුවන් දිගින් දිගටම ඔස්‌ටේ්‍ර්‍රලියාවට කඩුලු විසි කළහ.
එහෙත් ඔස්‌ටේ්‍රලියානුවන් ඉතාමත් සැලසුම්කාරීව තරගාවලිය ආරම්භයේ සිටම ජයග්‍රහණය වෙනුවෙන් පිතිකරණයේ යෙදිණි. ඔවුන් පුහුණු වීම්වලදි හෝ අනවශ්‍ය පහරවල් කරා නොගොස් තරගයක ආකාරයෙන් පුහුණු සැසිවල යෙදිණි. කිසිදු විටක ඔවුහු කඩුලු විසි නොකළහ. ඔස්‌ටේ්‍ර්‍රලියානු පිතිකරුවෝ ශ්‍රී ලංකා දඟ පන්දු යෑවීම හමුවේ පන්දුවට පහරදීම අභියෝගයක් ලෙස සලකමින් ක්‍රීඩා කළද ශ්‍රී ලංකා පිතිකරුවෝ ලොව එක්‌දින අංක එකේ කණ්‌ඩාමට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය බාලාංශ මට්‌ටමේ විය. එබැවින් ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක් තම ජයග්‍රහණය පිළිබඳව පවසා සිටියේ, "ශ්‍රී ලංකාව තමන්ගේ මවු බිමේදී හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ දඟ පන්දු යෑවීම කවදත් අපිට අභියෝගයක්. ඒ පිළිබඳව අපේ සියලු දෙනා වැඩි අවධානයක් යොමු කරමින් තමයි ක්‍රීඩා කළේ." යනුවෙනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගාවලිය පුරාවටම සිය යුතුකම් මැනවින් ඉටු කිරීමට සමත් වූහ. එහෙත් ඔවුන්ගේ සුපිරි හැකියාවෙන් තරග දිනවීමට තරම් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු ලබා නොදුන්හ. ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර සිය දක්‍ෂතා තවදුරටත් මුවහත් කරද්දී ආධුනිකයන් වූ ෂමින්ද එරංග සහ සීකුගේ ප්‍රසන්න ඉතාමත් හොඳින් තම ආරම්භක තරග කිහිපයේදී ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායම වෙනුවෙන් දක්‍ෂතා දක්‌වමින් සිටි ෂමින්ද එරංග සහ සීකුගේ ප්‍රසන්නට අවස්‌ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කිරීම වැදගත් තීරණයක් ලෙස හැදින්විය හැකිය. අවසන් පන්දුව තෙක් සටන් කරන ශ්‍රී ලංකා කණ්‌ඩායමක් බිහි කිරීමට සුදුසු නවකයන් සොයා ගැනීමද තේරීම් කමිටුව ඉදිරියේ ඇති තවත් වගකීමකි.
තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා පිතිකරුවන් දෙතුන් දෙනකු ලකුණු අතරට පැමිණීම අනිවාර්ය වේ. එහෙත් ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනා අසාර්ථක වුවහොත් මැද පෙළද අසාර්ථකය. මුල් පෙළ සාර්ථක වන විටත් මැද පෙළ අසාර්ථකය. නියගයට වැහි පොදක් මෙන් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ විටෙක ලකුණු රැස් කරති. එය ඔවුන්ගේ පැවැත්ම උදෙසා ප්‍රයෝජනවත් වුවද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වන්නේ කලාතුරකිනි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන්ද ඒ පිළිබඳව අවධානයෙන් ඉදිරියට කටයුතු කිරීම අනිවාර්ය සාධකයක් වී තිබේ.
තම කණ්‌ඩායමට ආදර්ශයක් බඳු පිතිහරඹයක නිරත වූ ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක් සමත් තරගාවලියේදී ලකුණු 242 ක් ලබා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර හිටපු නායක රිකී පොන්ටින් තම උපරිමය කණ්‌ඩායමට ලබා දෙමින් අර්ධ ශතක දෙකක් සමග ලකුණු 196 ක් ලබා ඔස්‌ටේ්‍රලියානු ජයග්‍රහණයට දායක විය. සිය මවුබිමේ තරග කළ ශ්‍රී ලංකාව පිතිකරුවකුට සමස්‌ත තරගාවලියේදී ලකුණු 200 සීමාව ඉක්‌මවා යැමට අපොහොසත් වීම විශේෂත්වයකි. එහිදී වැඩීම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන අර්ධ ශතක දෙකක් සමග ලකුණු 180 ක්‌ද උපුල් තරංග එක් ශතකයක් සමග ලකුණු 166 ක් ලබා ගැනීමට සමත් විය.
පිතිකරුවන්ට, පන්දු රකින්නන්ට සහ පන්දු යවන්නන්ට වෙන වෙනම පුහුණුකරුවන් සිටිති. ඊට අමතරව ප්‍රධාන පුහුණුකරුවකුද සිටිති. එසේ සිටියදී පිතිකරුවන් දිගින් දිගටම වැරදි කරමින් තරගයක සටන්කාමී පිතිහරඹයක නියෑලිමට අපොහොසත් වේනම් පුහුණුකරුවා කුමටද? පුහුණුකරුවාගේ උපදේශය දිගින් දිගටම තේරුම් නොගන්නා පිතිකරුවා කණ්‌ඩායමකට කුමකටද යන ප්‍රශ්නයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ ඇත. එය ලිපිය ආරම්භයේදීම මාවන් අතපත්තු සඳහන් කර ඇති වැකියෙන් තවත් පැහැදිලි වනු ඇත.
Copeland five-for restricts SL Board XI to 258
Thursday, August 25, 2011
ODI rankings: Malinga surge
Australia's fast bowlers Mitchell Johnson , Doug Bollinger and Brett Lee , as well as Lasith Malinga of Sri Lanka, are the biggest movers in the Reliance ICC Player Rankings for ODI bowlers after stellar performances in the series which Australia won by 3-2 while Bangladesh's fast bowler Rubel Hossain has a achieved personal best in the series which his side lost 3-2 to Zimbabwe.

Johnson, who along with Malinga was the leading wicket-taker in the series with 11, has jumped four places to claim third position while Malinga, who recorded the third hat-trick of his career in Monday's ODI, has jumped 19 places to claim 11thposition.
Bollinger's nine wickets in the series has helped him return to the top 10 in seventh position after vaulting 15 places while Lee has been rewarded with a jump of four places after his eight wickets in four matches which has put him just behind Malinga in 14 th position.
In Zimbabwe, Rubel and the home side's debutant Brian Vitori finished as the leading wicket-takers in the series with 11 each. While Rubel earned a jump of 71 places which put him in 54th spot, Vitori entered into the rankings table in 126th position.
Amongst the spinners, Bangladesh's pair of Shafiul Islam and Mahmudullah, and Australia's Xavier Doherty have achieved career-best rankings to date.
Shafiul, who took five wickets in Zimbabwe, has moved up 28 places to 73rd position, Mahmudullah has climbed 28 places to 84th spot after bagging six wickets while Doherty's eight wickets against Sri Lanka has helped him rise 61 places to 87th position.
The majority of the bowlers sliding in the latest rankings are spinners and include Zimbabwe's Ray Price in eighth position (down by five places), Sri Lanka's duo of Abdur Razzak in 14th (down by four places) and Shakib Al Hasan in 17th (down by four places) and Sri Lanka's Ajantha Mendis in 19th (down by seven places).
The only fast bowler failing to maintain his position is former number-one ranked Nuwan Kulasekara who has slipped to 30thposition (down by 10 places) after managing just two wickets.
Graeme Swann of England is on top of the bowling chart but leads New Zealand's Daniel Vettori by just six points. The two spinners are the only bowlers beyond the 700-point mark which, in rating terms, is the benchmark for any bowler.
In the Reliance ICC Player Rankings for ODI batsmen, former Sri Lanka captain Mahela Jayawardena has returned to the top 20 in 17th position after rising five places following his series contribution of 180 runs which made him the fourth most successful batsman in the series behind Michael Clarke (242), Ricky Ponting (196) and Shane Watson (185).
While Watson and Ponting have retained their third and 15th positions, respectively, Clarke has moved up two places to seventh position.
Also moving in the right direction are Shakib Al Hasan in 24th position (up by three places), Upul Tharanga in 40th (up by three places), Mushfiqur Rahim in 60th (up by six places), Hamilton Masakadza in 65th (up by eight places), Mahmudullah in 72nd (up by four places), David Hussey in 78th (up by five places) and Vusimuzi Sibanda in 97th (up by 53 places).
Batsmen dropping in the latest rankings include Michael Hussey in eighth (down by three places), Tillakaratne Dilshan in 11th(down by two places), Imrul Kayes in 52nd (down by 11 places), Junaid Siddique in 80th (down by nine places) and Shahriar Nafees in 95th (down by six places).
The batting table is headed by South Africa's Hashim Amla while his captain, AB de Villiers , is in second position.
There is no change in the top three of the Reliance ICC Player Rankings for all-rounders which are still led by Australia's Shane Watson.
Meanwhile, top-ranked Australia enjoys a comfortable 11-ratings-point lead over second-placed Sri Lanka. Australia's 3-2 series win has restricted Sri Lanka to earn only one ratings point which, in turn, has given India a chance to reclaim second position.
However, to achieve the number-two position, India will have to beat England by 4-1 or better in the five-match series which starts at Chester-le-Street on 3 September.
Meanwhile, Bangladesh has dropped from 70 to 63 ratings points and Zimbabwe has jumped from 38 for 46 ratings points after the end of their series. However, both the sides have retained their pre-series positions with Bangladesh in ninth and Zimbabwe in 10th.
Zimbabwe's next ODI series is against Pakistan which starts in Bulawayo on 8 September and there will be a few more points up for grabs for the home side.
If Zimbabwe wins all the three ODIs, it will earn 10 ratings points while a 2-1 series win will give it six ratings points. Zimbabwe will earn two ratings points even if it loses the series 2-1.
In contrast, Pakistan will get just one ratings point if it wins all the three ODIs while Zimbabwe will be docked two ratings points.
This is because Pakistan will enter the series leading Zimbabwe by 54 ratings points and as the rankings system is weighted to reflect this difference, Pakistan's failure to win the series comfortably will mean it will drop points.
Reliance ICC ODI Championship (as of 23 August, after Zimbabwe and Bangladesh, Sri Lanka and Australia series)
1. Australia-130
2. Sri Lanka-119
3. India-117
4. South Africa-116
5. England-106
6. Pakistan-100
7. New Zealand-90
8.West Indies-78
9.Bangladesh-63
10. Zimbabwe-46
11. Ireland-42
12. The Netherlands-5
India should stop degrading Test cricket – Arjuna
After winning their first World Cup this year since 1983, all of India’s leading cricketers went straight to play the IPL tournament and then several of their leading cricketers opted to miss the West Indies tour that followed soon after. Some Indian cricketers even delayed surgery after the World Cup, not wanting to miss the cash rich IPL and after arriving in England half fit, broke down halfway through the tour.
Fast bowler Zaheer Khan had to limp off from the first Test at Lord’s while other players such as Virender Sehwag, Harbhajan Singh, Yuvraj Singh, Gautam Gambhir and Praveen Kumar were hit by injuries.
So pathetic was India’s performances that they lost the third and fourth Tests by an innings and 242 runs and by an innings and eight runs respectively. Not that they were any better in the first two Tests having lost them by 196 and 319 runs respectively.
"It’s hard to believe that such a talented side failed to compete, isn’t it," Ranatunga queried. "It all comes down to preparation. When you are world’s number one, you should have pride to protect that number one tag and you should do all within your reach to sustain that. India’s preparation ahead of the tour suggested that they weren’t interested anymore. They seem to have got carried away with their IPL. It seems like they don’t need outside influences to harm Indian cricket; the BCCI is doing it expertly," Ranatunga told The Island.
If several Indian players missing the Test series in West Indies wasn’t bad enough, India were still happy to go into the Test series, where the number rank was at stake, with just one warm-up game in England.
"Rahul Dravid was outstanding during the Test series and the reason was that he was well prepared. The same thing happened when Sri Lanka toured England. Prasanna Jayawardene didn’t play the IPL, he prepared for the Test series, played both warm-up games in England and was the Man of the Series. The same goes with guys like Tharanga Paranavithana, who I thought did fairly well in England opening the batting.
"For a batsman of the quality of Kumar Sangakkara, it took nearly a month to adjust to conditions before he scored a hundred on that tour. A player like Mahela Jayawardene with such quality couldn’t score a hundred in the Tests. To succeed in England, preparation is extremely vital and to my surprise India ignored it," Ranatunga added.
"India is extremely vital to sustain Test cricket. It is fine for players to earn money through the IPL, but players should know their priorities. It is when you lose your priorities that wheels start coming off. The Sri Lankan team going to England in four different batches for a Test series was simply disgusting and it is one of the most disgraceful things I have seen in the history of our cricket. All this, thanks to the IPL!," Ranatunga added.
When Ranatunga was head of Sri Lanka Cricket in 2008, a request by England to fill in the void created by Zimbabwe to play a two-match Test series was turned down by the players as it was clashing with the IPL. Sadly, it was the very players Ranatunga had nurtured as Sri Lanka’s captain who teamed up with a player agent and a minister to carry out an ugly revolt against him.
It is even suggested that Ranatunga’s term as the head of the Cricket Interim Committee was put to an end on a request by some officials of the BCCI as he was constantly crossing the path of IPL.

Tuesday, August 23, 2011
මාලිංගගෙන් තවත් "ගිණි සැරයක්"!
තරගයේ 46 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට ප්‍රථමයෙන්ම මිචෙල් ජොන්සන් (01) පන්දුව කෙළින්ම කඩුල්ලේ වැද්දවීමෙන්ද, ජෝන් හෙස්‌ටිංග්ස්‌ව (00) කඩුල්ල මුවා කර ගැනීමේ වරදකටද අනතුරුව පිටියට පිවිසි ක්‍ෂේවියර් ඩොහටිව (00) පන්දුව කෙළින්ම කඩුල්ල වැද්දවීමෙන්ද දවා ගත් ලසිත් මාලිංග තම තෙවැනි කඩුලු ත්‍රිත්ව අවස්‌ථාවට හිමිකම් කීවේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ විරළම පන්දු යෑවීමේ වාර්තාවක් වන කඩුලු ත්‍රිත්ව මෙතෙක් අවස්‌ථා 29 කදී වාර්තා වී තිබුණු අතර මාලිංගගේ මෙම දස්‌කම 30 වැන්න වශයෙන් සටහන් විය. මාලිංගට පෙර කඩුලු ත්‍රිත්ව 2 බැගින් දවා ගැනීමට ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ පාකිස්‌තානයේ වසීම් අක්‍රම් සහ සක්‌ලේන් මුස්‌ටාක් පමණක් සමත් වී තිබේ.
මාලිංග මීට පෙර 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගනිමින් ප්‍රථම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කී අතර අනතුරුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කෙන්යාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තම දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට සමත්වූවේය.
තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් 3/1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සමත්වී සිටින හෙයින් තරගාවලිය ගෞරවාන්විතව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය අතිශයින් වැදගත් වේ.
ලකුණු සාරාංශය
ඔස්‌ටේ්‍රලියාව පන්දුවාර 46.1කදී සියලූ දෙනා දැවි ලකුණු 211 යි (වොට්‌සන් 56, මාෂ් 02, පොන්ටින් 31, ක්‌ලාක් 47, මයිකල් හසී 06, ඩේවිඩ් හසී 46, හැඩින් 08, ජොන්සන් 01, හෙස්‌ටිංග්ස් 00, ඩොහටි 00, පැටින්සන් (නොදැවී) 00, මාලිංග 35/3, එරංග 45/2, ප්‍රසන්න 37/1, මැතිව්ස් 06/1, අජන්ත මෙන්ඩිස් 49/3)
Monday, August 22, 2011
"කියා දුන්නට පිට්‌ටනියට ගිහිල්ල බැට් කරන්න මට බැහැ" -පිතිකරණ පුහුණුකරු මාවන් අතපත්තු
"මට පුලුවන් හැම දෙයක්‌ම පුහුණුකරු විදිහට පුහුණුවීම්වලදීත් ක්‍රීඩාගාරයේදීත් පිතිකරුවන්ට උපරිමයෙන් කියා දුන්නා. නමුත් ඔවුන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැහැ. පිතිකරු පුහුණුකරු හැටියට මට පුලුවන් කියා දෙන්න විතරයි. නමුත් තරගයකදී බැට් කරන්න මට පුලුවන් කමක් නැහැ." යනුවෙන් මාවන් අතපත්තු ශ්‍රී ලංකා පරාජයෙන් පසුව පැවසීය.
ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති එක්‌දින තරගාවලියේ පරාජයට ප්‍රධාන සාධකය පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම සහ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරුවන් ශක්‌තිමත් විය යුතු ආකාරය පිළිබඳවත් මාවන් එහිදී අදහස් දැක්‌වීය.
"අපේ මැද පෙළ පිතිකරුවන් තවම හොඳ තැනක නැහැ. හැම තිස්‌සෙම ලකුණු ගන්න දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හින්ද තමයි තරග දිනන්නෙ. එහිදී ලකුණු අතර සිටින පිතිකරුවන්ටත් මානසික පීඩනයක් වෙනවා. කණ්‌ඩායමේ සංයුතිය ගැන මට අදහස් කියන්න බැහැ. මට තියෙන්නෙ ලැබෙන කණ්‌ඩායම පුහුණු කිරීමේ වගකීම පමණයි. තේරීම් කමිටුව නම් කළ කණ්‌ඩායම ගැන අදහස් කියන්න මට බැහැ. මම කරන්නෙත් රැකියාවක්. ඒත් අපි හොඳ පිතිකරුවන් සොයා ගන්න ටිකක් ඉවසීමෙන් බලා ඉන්න වෙනවා. හොඳට කරන තරුණ ක්‍රීඩකයන් කණ්‌ඩායමට ගෙනල්ල ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කරන්න අදහස දීල බලන්න ඕන කවුද ගැලපෙන සංයුතිය කියල. අපිට එක පාරටම අර්ජුන, අරවින්ද, හෂාන් සහ රොෂාන් වගේ පිතිකරුවන් හතර පහක් හොයා ගන්න බැහැ. ඒ වෙනුවෙන් කාලයක් අවශ්‍යයි." යනුවෙන් මාවන් වැඩිදුරටත් අදහස් දැක්‌වීය.
එක්‌දින තරගාවලියේ පරාජයට මැද පෙළ පිතිකරුවන් ශක්‌තිමත් නොවීම ප්‍රබල සාධකයක් බව ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. "අපි හැමදාම තරගයක් දිනන්නෙ මුල් පෙළ පිතිකරුවන් ලකුණු ගැහුවොත් විතරයි. අවාසනාවකට තවම අපිට හොඳ මැද පෙළ පිතිකරුවන් නැහැ. මේක අපි ඉක්‌මනින් හදා ගන්න ඕන. අපේ අවුරුදු 19 න් පහළ හෝ ශ්‍රී ලංකා "ඒ" සංචිතයේ හෝ පිතිකරුවන් කිහිප දෙනෙක් ගෙනල්ල ඉස්‌සරහට ඉදිරියට යන්න වෙනවා. එහෙම නැතිව අපිට ශක්‌තිමත් මැද පෙළක් හදාගන්න අමාරු වෙයි. මැද පෙළ පිතිකරුවන් ශක්‌තිමත් නොවී තරග දිනන්න අමාරුයි. අපි හැමදාම තරගයක් දිනන්නෙ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු ගැහුවොත් විතරයි."යනුවෙන් ඩිල්ෂාන් සිය කණ්‌ඩායමේ පරාජය පිළිබඳව ඩිල්ෂාන් අදහස් දැක්‌වීය.
දිනේෂ් චන්දිමාල් එංගලන්තයේදී ලකුණු අතර සිටියත් ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ ඔහු එකම ආකාරයකට දැවී යාම හේතුවෙන් කණ්‌ඩායමෙන් ඉවත් කළ බව ඩිල්ෂාන් පවසයි. "චන්දිමාල්ව අපි ඉවත් කළේ ඔහුගේ තිබෙන තාක්‍ෂණික අඩුපාඩුවක් හින්ද. ඔහු ඒ දේ හරි ගස්‌සගෙන ඉදිරි තරගවලට සහභාගි වෙයි. ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති 20-20 තරගවල ඉදල චන්දිමාල් දැවී ගියේ එකම ආකාරයකට. නමුත් තවදුරටත් ඔහුට පීඩනයක් නොදී හොඳින් පුහුණුවීම් කරල ඒ වැරැද්ද නිවැරදි කරගෙන ඉදිරි තරගවලට සහභාගි වෙන්න අවස්‌ථාව ලබා දී තියෙනවා." යනුවෙන් චන්දිමාල් පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දැක්‌වීය.
Sunday, August 21, 2011
Argus Report' won't derail Australia's tour of Sri Lanka: Clarke | Sri Lanka Cricket and Sports News Magazine | Cricket Turf
Colombo, Aug 21(ANI): Australian captain Michael Clarke has revealed that his players have made a pact not to discuss the 'Argus Report' during the ongoing tour of Sri Lanka.
Clarke's comment comes after Australia won the fourth ODI in Colombo to take an unassailable 3-1 series lead in the five-match tournament.hen asked if he was worried that the report would derail his team's tour," Clarke said: "There's always issues outside of the game that you face every day as a distraction."
"What I try to tell the boys is that it's up to us to determine how big a distraction it actually becomes. We left our meeting the other day and made a pact to each other that we weren't going to talk about it," he added.
The 30-year-old further said that the team's job is to play good cricket on the field.
"We did that yesterday at training. We had an optional training session yesterday that every single player turned up to," the Age quoted Clarke, as saying.
"We probably trained too hard to be honest, I was a little bit worried we were going to be a bit tired for today, but it was the complete opposite," he added.
The ODI series wraps up on Monday.
Australia will take on a Board XI in Colombo in a three-day tour match before the first Test, which will be played in Galle from August 31.
Marsh learning to read Mendis from the hand
International Scores
4th ODI Australia vs Sri Lanka @ R. Premadhasa
SLC Chief Dharmadasa Slams ‘Hidden Agendas” Of Few Individuals
“However, I find it difficult to shower my praises for the forthcoming two encounters scheduled to be played at the R. Premadasa Stadium, based on the fact that a few individuals seem to have hidden agendas, of their own, and seem to undermine the capabilities of our staff who have been true stalwarts of Sri Lanka Cricket, by their dedicated service in Pallekele and Sooriyawewa.
It is with agony that I state that a few individuals in Colombo think that they are indispensable. I assure the Public and the Media, that my working Committee will ensure that we will maintain our corporate standards with or without the individuals who are bent upon sabotaging the good work done by my match committee.
I have faith that my Tour Organising Committee and our Media Unit will continue with the good work that they have done so far, whilst I extend my gratitude to the Public and the Media in general for the UN conditional support extended to our beloved game,” the chairman concluded
Australia clinch Sri Lanka one-day series
Saturday, August 20, 2011
Murali, Sanath and Aravinda in LA
![]() |
Add caption |
Dilshan targets number one rank, win over South Africa
ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් දෙපිලම අද උණුසුම් තරගයක!
දෙරට අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඔස්‌ටේ්‍රලියාව තරගාවලියේ පෙරමුණ ගෙන තිබෙන අතර තෙවැනි තරගය ජයගත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු රඳවා ගැනීමට අද තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබේ. යම් හෙයකින් ඔස්‌ටේ්‍රලියාව අද ජයගතහොත් තරගාවලියේ ජයග්‍රහණයද ඔස්‌ටේ්‍රලියාව සතුවන අතර මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් සාධකයක් බවට පත්ව ඇත.
"තෙවැනි තරගය ක්‍රීඩා කළ ආකාරයට අපිට මේ තරගය ජය ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා අපේ පන්දු රැකීම සහ පිතිකරුවන් හොඳින් මේ තරගයේදී තම යුතුකම් ඉටු කරයි කියල. කොහොමත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට වැඩි වාසියක් ලැබෙයි කියල විශ්වාස කරනවා." යනුවෙන් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහභාගි වී ඇති එක්‌දින තරග 83 කින් තරග 51 ක් ජය ලබා ඇත. එහිදී ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්‌දින තරග 11 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය හයක්‌ද ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණ 4 ක්‌ද ලබා ඇත.
ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහභාගි වූ තරග 11 කදී ලකුණු 250 සීමාව ඉක්‌මවා යැමට සමත්ව ඇත්තේ එක් වතාවක් පමණි. ඒ 1996 දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 263 ක් වශයෙනි. දඟ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට වාසි සහගත ලෙස ප්‍රේමදාස තණතීරුව අද තරගය සඳහා සූදානම් කර ඇති බව දිස්‌විය. තණතීරුව අනුව ශ්‍රී ලංකාවට වැඩි වාසියක් අපේක්‍ෂා කළහැකි වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය පහරවල් කරා නොගොස් කඩුලු පූජා කිරීමෙන් වැලකී සිටීම ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වනු ඇත.
zඅපි කණ්‌ඩායමක් වශයෙන් තරගාවලියේ හොඳින්ම ක්‍රීඩා කළා. අපේ පන්දු යවන්නන්සහ පිතිකරුවන් හොඳින් ශ්‍රී ලංකා තණතීරුවලට හැඩ ගැහෙමින් ඉන්නවා. පළමු තරග දෙක ජයගත් ආකාරයට මේ තරගයත් ජය ගැනීමේ අවස්‌ථාව අපි සතුව තියෙනවාZ යනුවෙන් ඔස්‌ටේ්‍රලියානු නායකයා අද තරගය පිළිබඳව අදහස් පවසා සිටියේය.
මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස රිකී පොන්ටින් (165) පෙරමුණේ පසුවන අතර එහි දෙවැනි ස්‌ථානයේ උපුල් තරංග (158) හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මැද පෙළ පිතිකරුවන් ඉකුත් තරග තුනේදීම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වු අතර අද එය මග හරවා ගත යුතුව ඇත. ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට සහභාගි වීම මත මැද පෙළ පිතිකරු අංශය ශක්‌තිමත් කරවන්නක් වී තිබේ.
Pages
News
-
▼
2011
(41)
-
▼
August
(21)
- පන්දුවට පහර දෙන ආකාරය මත අපේ සාර්ථකත්වය රැෙඳනවා - ...
- මැද පෙළ පණ නැති ක්‍රිකට් කණ්‌ඩායමේ අනාගතය අඳුරුය!
- Copeland five-for restricts SL Board XI to 258
- ODI rankings: Malinga surge
- India should stop degrading Test cricket – Arjuna
- මාලිංගගෙන් තවත් "ගිණි සැරයක්"!
- "කියා දුන්නට පිට්‌ටනියට ගිහිල්ල බැට් කරන්න මට බැහ...
- Argus Report' won't derail Australia's tour of Sri...
- Marsh learning to read Mendis from the hand
- International Scores
- 4th ODI Australia vs Sri Lanka @ R. Premadhasa
- SLC Chief Dharmadasa Slams ‘Hidden Agendas” Of Few...
- Australia clinch Sri Lanka one-day series
- Murali, Sanath and Aravinda in LA
- Dilshan targets number one rank, win over South Af...
- ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් දෙපිලම අද උණුසුම් තරගයක!
- Revitalised Sri Lanka look to even series
- Here you can download "A² Studios' ICC CWC 2011 P...
- අන්තර් සමාජ කාන්තා එක්‌දින ක්‍රිකට් සූරතාව ගුවන් හම...
- දිනේෂ්, තිසර, රංගන ඉවතට
- Fielding and bowling a concern - Dilshan
-
▼
August
(21)