Like us in facebook

Saturday, August 20, 2011

ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් දෙපිලම අද උණුසුම් තරගයක!

ජයග්‍රහණය තීරණාත්මක සාධකයක්‌ බවට පත්වන ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගය අද (20) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ. තරගය ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඔස්‌ටේ්‍රලියාව තරගාවලියේ පෙරමුණ ගෙන තිබෙන අතර තෙවැනි තරගය ජයගත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු රඳවා ගැනීමට අද තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබේ. යම් හෙයකින් ඔස්‌ටේ්‍රලියාව අද ජයගතහොත් තරගාවලියේ ජයග්‍රහණයද ඔස්‌ටේ්‍රලියාව සතුවන අතර මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් සාධකයක්‌ බවට පත්ව ඇත.

"තෙවැනි තරගය ක්‍රීඩා කළ ආකාරයට අපිට මේ තරගය ජය ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා අපේ පන්දු රැකීම සහ පිතිකරුවන් හොඳින් මේ තරගයේදී තම යුතුකම් ඉටු කරයි කියල. කොහොමත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට වැඩි වාසියක්‌ ලැබෙයි කියල විශ්වාස කරනවා." යනුවෙන් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහභාගි වී ඇති එක්‌දින තරග 83 කින් තරග 51 ක්‌ ජය ලබා ඇත. එහිදී ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්‌දින තරග 11 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය හයක්‌ද ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණ 4 ක්‌ද ලබා ඇත.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහභාගි වූ තරග 11 කදී ලකුණු 250 සීමාව ඉක්‌මවා යැමට සමත්ව ඇත්තේ එක්‌ වතාවක්‌ පමණි. ඒ 1996 දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 263 ක්‌ වශයෙනි. දඟ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට වාසි සහගත ලෙස ප්‍රේමදාස තණතීරුව අද තරගය සඳහා සූදානම් කර ඇති බව දිස්‌විය. තණතීරුව අනුව ශ්‍රී ලංකාවට වැඩි වාසියක්‌ අපේක්‍ෂා කළහැකි වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය පහරවල් කරා නොගොස්‌ කඩුලු පූජා කිරීමෙන් වැලකී සිටීම ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක්‌ වනු ඇත.

zඅපි කණ්‌ඩායමක්‌ වශයෙන් තරගාවලියේ හොඳින්ම ක්‍රීඩා කළා. අපේ පන්දු යවන්නන්සහ පිතිකරුවන් හොඳින් ශ්‍රී ලංකා තණතීරුවලට හැඩ ගැහෙමින් ඉන්නවා. පළමු තරග දෙක ජයගත් ආකාරයට මේ තරගයත් ජය ගැනීමේ අවස්‌ථාව අපි සතුව තියෙනවාZ යනුවෙන් ඔස්‌ටේ්‍රලියානු නායකයා අද තරගය පිළිබඳව අදහස්‌ පවසා සිටියේය.

මෙතෙක්‌ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස රිකී පොන්ටින් (165) පෙරමුණේ පසුවන අතර එහි දෙවැනි ස්‌ථානයේ උපුල් තරංග (158) හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මැද පෙළ පිතිකරුවන් ඉකුත් තරග තුනේදීම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වු අතර අද එය මග හරවා ගත යුතුව ඇත. ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස්‌ අද තරගයට සහභාගි වීම මත මැද පෙළ පිතිකරු අංශය ශක්‌තිමත් කරවන්නක්‌ වී තිබේ.

No comments:

Post a Comment

News

Total Pageviews