Like us in facebook

Tuesday, August 23, 2011

මාලිංගගෙන් තවත් "ගිණි සැරයක්‌"!

සංචාරක ඔස්‌ටේ්‍රලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පස්‌වැනි සහ අවසන් එක්‌දින ක්‍රිකට්‌ තරගයේදී කඩුලු ත්‍රිත්වයක්‌ ලබා ගත් ලසිත් මාලිංග, කඩුලු ත්‍රිත්ව 3 ක්‌ දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට ඊයේ (22 දා) පත්විය. මාලිංගගේ සුපිරි පන්දු යෑවීම හමුවේ ඔස්‌ටේ්‍රලියානු පිලට පන්දුවාර 46.1 කදී සියලු දෙනා දැවී රැස්‌ කරගත හැකි වූයේ ලකුණු 211 ක්‌ පමණි.

තරගයේ 46 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට ප්‍රථමයෙන්ම මිචෙල් ජොන්සන් (01) පන්දුව කෙළින්ම කඩුල්ලේ වැද්දවීමෙන්ද, ජෝන් හෙස්‌ටිංග්ස්‌ව (00) කඩුල්ල මුවා කර ගැනීමේ වරදකටද අනතුරුව පිටියට පිවිසි ක්‍ෂේවියර් ඩොහටිව (00) පන්දුව කෙළින්ම කඩුල්ල වැද්දවීමෙන්ද දවා ගත් ලසිත් මාලිංග තම තෙවැනි කඩුලු ත්‍රිත්ව අවස්‌ථාවට හිමිකම් කීවේය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විරළම පන්දු යෑවීමේ වාර්තාවක්‌ වන කඩුලු ත්‍රිත්ව මෙතෙක්‌ අවස්‌ථා 29 කදී වාර්තා වී තිබුණු අතර මාලිංගගේ මෙම දස්‌කම 30 වැන්න වශයෙන් සටහන් විය. මාලිංගට පෙර කඩුලු ත්‍රිත්ව 2 බැගින් දවා ගැනීමට ශ්‍රී ලංකාවේ චමින්ද වාස්‌ සහ පාකිස්‌තානයේ වසීම් අක්‍රම් සහ සක්‌ලේන් මුස්‌ටාක්‌ පමණක්‌ සමත් වී තිබේ.

මාලිංග මීට පෙර 2007 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවා ගනිමින් ප්‍රථම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කී අතර අනතුරුව 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී කෙන්යාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තම දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට සමත්වූවේය.

තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය මේ වන විටත් 3/1 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සමත්වී සිටින හෙයින් තරගාවලිය ගෞරවාන්විතව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය අතිශයින් වැදගත් වේ.

ලකුණු සාරාංශය

ඔස්‌ටේ්‍රලියාව පන්දුවාර 46.1කදී සියලූ දෙනා දැවි ලකුණු 211 යි (වොට්‌සන් 56, මාෂ් 02, පොන්ටින් 31, ක්‌ලාක්‌ 47, මයිකල් හසී 06, ඩේවිඩ් හසී 46, හැඩින් 08, ජොන්සන් 01, හෙස්‌ටිංග්ස්‌ 00, ඩොහටි 00, පැටින්සන් (නොදැවී) 00, මාලිංග 35/3, එරංග 45/2, ප්‍රසන්න 37/1, මැතිව්ස්‌ 06/1, අජන්ත මෙන්ඩිස්‌ 49/3)

No comments:

Post a Comment

News

Total Pageviews