Like us in facebook

Tuesday, August 30, 2011

පන්දුවට පහර දෙන ආකාරය මත අපේ සාර්ථකත්වය රැෙඳනවා - තිලකරත්න ඩිල්ෂාන්


ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට ඇරැඹෙන ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය තම පිතිකරුවන් පන්දුවට පහර දෙන ආකාරය මත රැඳී පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
“අපේ පන්දු යැවීමේ විවිධත්වය වැඩියෙන් තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට නම් හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි” ඩිල්ෂාන් කියයි. “සාර්ථකත්වය ලැබිය හැක්කේ එසේ කළොත් පමණයි.”
පිතිකරුවන් හා දඟ පන්දු යවන්නන් සම්ප්‍රදායිකව ඔවුන්ගේ අණසක පතුරුවා ඇති මවුරටේ තණතීරුවල, පළපුරුද්දෙන් අඩු තම පන්දු යවන්නන්ගේ ප්‍රහාරය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ඩිල්ෂාන් බලාපොරොත්තු වෙයි.
මේ අතර, පූර්ණ කාලීන ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා ලෙසින් හෙට සිට වැඩ අරඹන මයිකල් ක්ලාක්, යළිත් ටෙස්ට් ක්‍රිකට් ලකුණු ලබා ගැනීමට තමා ඉතාමත් උනන්දුවෙන් සිටින බව කියා සිටී.
“මගේ පිතිකරණය ටෙස්ට් ක්‍රීඩාවේ මා කැමති තරමට ඇවිල්ලා නැහැ. මට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම ස්ථානය ටෙස්ට් ක්‍රීඩාවයි. එහිදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට මට අවශ්‍යයි” ක්ලාක් කියයි. “ඒ සඳහා මට ලැබී තියෙන මේ සූදානමට වැඩි යමක් මට ඉල්ලන්න බැහැ.
දැන් අවස්ථාව පැමිණිලා තියෙන මොහොතේ මා මගේ කාර්යය ඉටුකළ යුතුයි. මම ‘බැට්’ කරන හැම අවස්ථාවකම ලකුණු ලබා ගැනීම වැදගත් තමයි. නමුත් පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ගන්න මම කැමතියි” ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කරයි.
කණ්ඩායමේ පෙරමුණේ ම සිටින පිතිකරුවකු ලෙසින් සාර්ථක කාර්යභාරයක් ඉටු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු රිකී පොන්ටිං පවසයි. තමා නායකයාව සිටියදී ඔස්ට්‍රේලියාවට අත්වූ ‘අළු බඳුන’ පරාජය තමාගේ පිතිකරණයට අහිතකර ලෙස බලපෑ බවට ඔහු පිළිගනී.
“අළු බඳුන ටෙස්ට් තරගාවලියේ කණ්ඩායමේ ක්‍රීඩා විලාශය මගේ සිතට කාවැදීමට පටන් ගත්තා. එය මගේ පිතිකරණය ටිකක් පල්ලෙහාට ඇදගෙන ගියා.”
“ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් ලකුණු මා විසින් ලබා ගත යුතුව තිබෙනවා. ළඟම අනාගතය වෙනුවෙන් මගේ ප්‍රධාන අරමුණ එයයි” පොන්ටි වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

News

Total Pageviews