Like us in facebook

Friday, August 19, 2011

අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් සූරතාව ගුවන් හමුදාවට


ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ පළමු කොටසේ සූරතාව අත්කර ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ සහභාගි වූ සියලුම තරග ජයගත් ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල පාලින්ක් ක්‍රීඩා සමාජය සමඟ පැවැති අවසන් මහා තරගයේදී කඩුලු 7 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. කෝල්ට්ස් පිටියේ පැවැති මේ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාලින්ක් පිල ඕර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 129 ක් රැස් කළේ ය. පාලින්ක් පිල වෙනුවෙන් නිරෝෂා වික්‍රමසිංහ ලකුණු 44 ක් ලබාගත් අතර ශාලිකා නිලුක්ෂානී ලකුණු 38 ක් රැස් කළා ය.
පන්දු යැවීමේදී චාමනී සෙනෙවිරත්න ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳ දැමුවාය. ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා පිල ඕවර 28.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගත්තේ ය.  චමරි අතපත්තු ලකුණු 37 ක් රැස් කළ අතර චමරි පොල්ගම්පොළ සහ දිලානි මහෝදරා නොදැවී ලකුණු 35 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ශාලිකා නිලුක්‍ෂානි ලකුණු 13 කට කඩුලු 3 ක් දවාලීය. මෙවර තරගාවලියට කෝල්ට්ස් , පාලින්, ගුවන්, නාරම්මල, සදර්න් ලේඩිස් සහ සී.සී.සී. යන කණ්ඩායම් සහභාගි වූහ.
පාලින්ක් - 129 සියලු දෙනා දැවී (ඕවර 50)
නිරෝෂා වික්‍රමසිංහ 44, ශාලිකා නිලුක්ෂානි 38 (චාමනි සෙනෙවිරත්න 21/4, රංගිකා ප්‍රනාන්දු 23/2)
ගුවන් හමුදාව - 130/3 (ඕවර 28.5)
චමරි අතපත්තු 37, චමරි පොල්ගම්පොළ නොදැවී 35, දිලානි මහෝදරා නොදැවී 35 (ශාලිකා නිලූක්‍ෂානි 13/3)

No comments:

Post a Comment

News

Total Pageviews